පැසුණු කපු ගෙඩි නිෂ්පාදන කියාවලිය ආරම්භ විමට පෙර, රෙදිපිළි නිවෙස් තුලම පිළියෙල කර ගත් අතර අතිරික්තය අමතර මුදලක් ලබා ගැනීම සදහා විකුණනු ලැබිය.බොහෝමයක් ඇදුම් නිර්මාණය කිරිම සදහා වකවානුව හා ස්ථානය මත පදනම්ව කපු, ලොම් හෝ හණ යොදා ගන්නා ලදී.උදාහරණයක් ලෙස මධයකාලීන යුගයේ අග භාගයේදී උතුරැ යුරෝපයේ, කපු විදේශ භාණ්ඩයක් ලෙස හදුන්වනු ලැබිණී. කපු ශාකයකින් හට ගන්නා බව හැරැණුකොට ඒ පිළිඹදව කිසිදු දැනුමක් ඔවුන් සතු නොවීය. එම කලාපයේ මිනිසුන් ඔවුන් දැන සිටි ලොම් වලට සමාන කර කපු, ගසකින් ඉපදෙන බැටඵවන්ගෙන් නිර්මාණය වුවක් ලෙස විශ්වාස කළහ. ජෝන් මිඩිවල්, 1350 වර්ෂයේදී පළ කර ඇති අඥාන විශ්වාසය මිට සාක්ෂි ලෙස සදහන් කල හැක. "ඉන්දියාවෙ පුදුම සහගත ගසක් ඇත. එහි අතු අගින් කුඩා බැටඵු පැටවුන් බිහිවෙයි.මෙම අතු නැමෙනසුලු ලෙස පිහිටා ඇත්තේ බැටඵු පැටවුන්ට කුසගිනි ඇතිවු විට අහර සැපයිම සදහාය".මෙම දර්ශණය කපු හැදින්විම සදහා යුරෝපියානු භාෂා කිහිපයකටම "ලොම් ගස" ලෙස පරිවර්ථනයවි පැවතිණී.රෝම යුගයේ ලොම්, ලිනන් හා හණ ඇදුම් යුරෝපිය ජනගහනය සදහා යොදා ගත්හ;ඉන්දීය කපු ස්වභාවවාදීන් විසින් පමණක් අසා ඇති කුතුහලය දනවන දෙයක් වු අතර සිල්ක් සේද මාවත ඔස්සේ චිනයෙන් ආනයනය කරන ලද අති සුඛෝපභෝගී භාණ්ඩ අතර විය. උතුරැ යුරෝපයේ හණ භාවිතයෙන් ඇදුමි නිෂ්පාදනය නවශිලා යුගය දක්වා දිවේ.
ඇදුම් නිවෙස් තුළදීම නිෂ්පාදනය කෙරැණු අතර වැඩිපුර ලොමි ඇදුම් අශ්ව කරත්ත වලින් ගම් හරහා සංචාරය කරන රෙදි වෙළෙන්දන්ට විකුණනු ලැබිණි. සමහර රෙදි එකම පෙදෙසේ ජිවත්වු ජනතාව අතර හුවමාරැවු අතර, විශාල රෙදි පමාණයක් අපනයනය කරන ලදි.රෙදි නිෂ්පාදන කියාවලිය යොදා ගන්නා අමුදවය මත රදා පවතින නමුත් පොදු මුලික පියවර 3ක් පවතී.කටිම සදහා අමුදවයය සුදානම් කිරිම, කටිම, පේශ කර්මය හෝ ගෙත්තම් අමුදව්යය සකස් කිරිමට ගන්නා අමුදව්යය මත බොහෝ විට වෙනස්වෙයි. හණ පල් කිරිම සහ සැකසීම කලයුතු අතර ලොමි සදහා සේදිම හා අවුල් හැරිම අවශ්‍යය වේ. කැටිම හා පේශ කර්ම කියාවලි සැම අමුදව්යයක් සදහාම සමාන විය.
කැටිම නුල් අතින් ඇඹරීමේ සිට ඉද්ද පාවිච්චිය, නුල් කටින රෝදය දක්වා විකාසනය වේ.නුල් කටිම සදහා යොදා ගන්නා ඉදිකටු සහ ඒවායේ කොටස් ඉතා පැරණි පුරා විද්දියාත්මක කැනිම් වලින් සොයා ගෙන ඇත. මෙම නටඹුන් මිනිසා සතුව පැවති පැරණි තාක්ෂණය පිළිඹිබු කරයි. ඉන්දියාව කි.ව 500ත් 1000ත් අතර සොයා ගනු ලැබු එම තාක්ෂණය යුරෝපීය මධයය කාලීන යුගයේ මැදපෙරදිග හරහා යුරෝපයට සේන්දු විය.
වේයන්ගොඩ වේටෙක්ස් පුගොඩ වැනි කාර්මාන්ත ශාලා අද වැසි යාම රටේ ආර්ථීකය හා විරැකියවට කළු පැල්ලමක් ඉතිරි වී ඇත
0 Comments